Ultimate magazine theme for WordPress.

ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාව ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබයි

Match Report

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(27) පෙරවරුවේ සමත් වුණා.

ඒ, මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 11.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 56 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 8.5 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ඉන්දු-එංගලන්ත දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග දකුණු අප්‍රිකා කණ්ඩායම එළඹෙන 29 වැනිදා අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.