Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානය තරගාවලිය දිනද්දී පාකිස්තානයට සැනසුම්දායක ජයක්

Match Report

සයීම් අයුබ් පන්දු 40 කින් රැස් කළ ලකුණු 49 ත්, ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 25 කින් රැස් කළ ලකුණු 31 ත්, ශඩාබ් ඛාන්ගේ තුන් ඉරියව් දක්ෂතාත් හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සැනසුම්දායක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී ඊයේ (27) පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 183 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණයි. ඒ අනුව පාකිස්තානයට ලකුණු 66 ක ජයක් හිමි වුණා.

ඇෆ්ඝනිස්තාන හඹා යාමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 21 ක් ලබා ගත් Azmatullah Omarzai. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 18 ක් ද, මොහමඩ් නබී ලකුණු 17 ක් ද ලබා ගත්තා. රෂිඩ් ඛාන් ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 13 කට කඩුලු 3 ක් හා ඉහ්සනුල්ලාහ් ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් ද දක්ෂතා දැක් වූ නායක ශඩාබ් ඛාන් ලකුණු 28 (පන්දු 17කින්) ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම තරගයෙන් පාකිස්තානය ජය ගත්ත ද, 20යි 20 තරගාවලි තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.

Leave a comment