Ultimate magazine theme for WordPress.

ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය සිනර්ට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලියේ Jannik Sinner මෙවර ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ඇමෙරිකාවේ Taylor Fritz පරාජයට පත් කරමින්. ලකුණු සටහන දැක් වු‍ණේ 6-3 6-4 7-5 ලෙසයි.

මෙම වසරේ දී ඔහු ජය ගත් දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය වන්නේ ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවයයි.

මීට පෙර මෙම වසරේ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ද ඔහු ජය ගත්තා.