Ultimate magazine theme for WordPress.

ඇමසන් වොරියර්ස් නායකත්වය හෙට්මයර්ට

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් මැදපෙල ප්‍රහාරාත්මක පිතිකරු ශිම්රන් හෙට්මයර් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම කණ්ඩායමේ නායකත්වය දැරූ නිකලස් පූරාන් වෙනුවටයි.

පූරාන් මෙවර තරග වාරයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

හෙට්මයර් 2016 වසරේ සිට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, එම කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 47 ක්.

Leave a comment