ඇන්ඩි මරේ ටෙනිස් පිටියට සමු දීම තහවුරු කරයි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව තමා ටෙනිස් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ පවසනවා.
37 හැවිරිදි ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කේවල හා යුගල තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, මෙවර ඔහු ක්‍රීඩා කරන්නේ සිය පස්වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.
2012 හා 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔහු ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම ද දිනා ගත්තා.
2013 හා 2016 වසරවලදී විම්බල්ඩන් ටෙනිස් ශූරතාවයත්, 2012 වසරේ දී ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවයත් දිනා ගැනීමට මරේ සමත් වුණා. ඒ අනුව ඔහු දිනා ඇති සමස්ත ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණන 3ක්.
Arrived in Paris for my last ever tennis tournament @Olympics
Competing for 🇬🇧 have been by far the most memorable weeks of my career and I’m extremely proud to get do it one final time! pic.twitter.com/keqnpvSEE1— Andy Murray (@andy_murray) July 23, 2024