Ultimate magazine theme for WordPress.

ඇන්ඩර්සන් වෙනුවට මාර්ක් වුඩ් ටෙස්ට් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් කැදවීමට පියවර ගත් බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගත් ජේම්ස් ඇන්ඩර්සන් වෙනුවට ඔහුව ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා Nottingham හී දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 114 ක ජයක් වාර්තා කළ එංගලන්තය මේ වන විට තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

England squad for second Test:

Ben Stokes (c), Gus Atkinson, Shoaib Bashir, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Dillon Pennington, Ollie Pope, Matthew Potts, Joe Root, Jamie Smith, Chris Woakes, Mark Wood