ඇන්ඩර්සන් විශ්‍රාම ගැනීමේ දිනය නිවේදනය කරයි

එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූලි 10 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයෙන් පසුව තමන් විශ්‍රාම ගන්නා බවයි ඔහු සදහන් කළේ.
සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් ඇන්ඩර්සන් මේ බව නිවේදනය කළා.
2003 වසරේ මැයි මාසයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් ඇන්ඩර්සන් ටෙස්ට් ඉතිහාසයේ දී කඩුලු 700 ක් දවා ගත් ලොව පළමු වේග පන්දු යවන්නා බවට මෙම වසර මුලදී පත් වුණේ ඉන්දියාවට එරෙහි පස්වැනි ටෙස්ට් තරගයේ දී යි.
41 හැවිරිදි ඔහු මේ වන විට ටෙස්ට් තරග 187 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 700 ක් වන අතර, ඒ අනුව ඔහුට ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන ශේන් වෝර්න් අභිබවා යාමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 9ක් පමණයි.
ටෙස්ට් පිටියේ දී දක්වා ඇති දක්ෂතාවලට අමතරව ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 194 කදී කඩුලු 269 ක් ද, විස්සයි 20 තරග 19කදී කඩුලු 18 ක් ද දවා ගැනීමට සමත්ව තිබුණා.
විශ්‍රාම ගැනීම පිළිබද ඇන්ඩර්සන් පල කළ අදහස් –
“Hi everyone. Just a note to say that the first Test of the summer at Lord’s will be my last Test,”
“It’s been an incredible 20 years representing my country, playing the game I’ve loved since I was a kid. I’m going to miss walking out for England so much. But I know the time is right to step aside and let others realise their dreams just like I got to, because there is no greater feeling.
“I couldn’t have done it without the love and support of Daniella, Lola, Ruby and my parents. A huge thank you to them. Also, thank you to the players and coaches who have made this the best job in the world.
“I’m excited for the new challenges that lie ahead, as well as filling my days with even more golf,”
“Thank you to everyone who has supported me over the years, it’s always meant a lot, even if my face often doesn’t show it.”
The end of an era 💔 pic.twitter.com/0KycvnpzUA
— England Cricket (@englandcricket) May 11, 2024