Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයේ දේශීය රූපවාහිනී විකාශනයේ අර්බුදය

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය තම ආයතනය විසින් හිමි කර ගෙන ඇති බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරග විකාශය සිදු කරනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවය (ITN නාලිකාව) අයත් මාධ්‍ය ජාලය සතු වසන්තම් TV නාලිකාව ඔස්සේ බවයි එම මාධ්‍ය ජාලය විසින් මේ වන විට නිවේදනය කර ඇත්තේ.

ඊට මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් මේ වන විට එතරම් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ.

වසන්තම් TV නාලිකාවේ ආවරණ කලාපය එතරම් පුළුල් නොවීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, වසන්තම් TV නාලිකාවේ ආවරණ කලාපය පුළුල් කිරීමට මේ වන විට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වුණා.

ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය එදින පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතරයි.