Ultimate magazine theme for WordPress.

ආර්ථික ගැටලුවලින් අයර්ලන්තයේ ජාත්‍යන්තර ක්‍රිකට්වලට දැඩි බලපෑම්

ඔස්ට්‍රේලියාව සමග එළඹෙන ගිම්හාන තරග වාරයේ දී අයර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම සදහා අයර්ලන්තයට ස්ථීර ක්‍රීඩාංගනයක් නොමැති වීම නිසා ඔවුන්ට ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමේ දී අතිශය ඉහළ පිරිවැයක් දැරීමට සිදු වීම මත මෙම තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අගෝස්තු මස අග ඔස්ට්‍රේලියාව සිදු කිරීමට නියමිතව තිබූ අදාළ තරග සංචාරයේ දී අයර්ලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණා.

එය අයර්ලන්ත හා ඔස්ට්‍රේලියා පිරිමි කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ ඉතිහාසයේ පළමු ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියයි.

මේ අතර, මෙම වසර අවසානයේ දී අයර්ලන්තයේ සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරගාවලියක් අබුඩාබි හී දී පැවැත්වීමට ද අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම මීට පෙර ජූලි මාසයේ දී අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණේ එක්දින හා විස්සයි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.

කෙසේ වෙතත්, මේ වන විට තීරණය කර ඇත්තේ දෙරට අතර එක්දින තරග දෙකක් හා විස්සයි 20 තරග 3ක් සැප්තැම්බර් මස අග සිට අබුඩාබි හී දී පැවැත්වීමටයි.

මේ අතර, අයර්ලන්තය හා සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයක් ජූලි මාසයේ දී අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, ආර්ථික අපහසුතා හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 බැගින් යුත් එක්දින හා විස්සයි 20 තරගාවලි සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර, අයර්ලන්ත කාන්තා කණ්ඩායම ද එළඹෙන තරග වාරයේ දී ශ්‍රී ලංකාව හා එංගලන්තය සමග අයර්ලන්තයේ දී ම තරග වැදීමට නියමිතව තිබෙනවා.

Ireland’s home fixtures:

Men’s:

  • July 25-29 – Test match vs Zimbabwe (Stormont)
  • September 27, 29 – T20Is vs South Africa (Abu Dhabi)
  • October 2, 4, 7 – ODIs vs South Africa (Abu Dhabi)

Women’s:

  • August 11, 13 – T20Is vs Sri Lanka (Pembroke)
  • August 16, 18, 20 – ICC Women’s Championship ODIs vs Sri Lanka (Stormont)
  • September 7, 9, 11 – ICC Women’s Championship ODIs vs England (Stormont)
  • September 14, 16, 17 – T20Is vs England (Clontarf)
Leave a comment