ආබාධ නිසා ක්‍රීඩකයින් දෙදෙනෙකු සංචිතයෙන් ඉවතට ; ආදේශක දෙකකුත් නම් කෙරේ

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනකු වන කසුන් රාජිත හා මතීෂ පතිරණ ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(11) නිවේදනය කළා.
ඒ අනුව ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
පුහුණුවීම් අතරතුර දී එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ආබාධවලට ලක්ව ඇති බව සදහන්.
මතීෂ පතිරණ දකුණු වැලමිටෙහි ආබාධ තත්ත්වයකට ගොදුරු වී ඇති බවත්, කසුන් රාජිත වම් උකුල ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට ආබාධ සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතු සදහා යොමු කර තිබෙනවා.
මේ අතර, මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ ආබාධ හේතුවෙන් 20යි 20 සංචිතයට ආදේශක දෙකක් නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු ද, මතීෂ පතිරණ වෙනුවට ප්‍රමෝද් මදුෂාන් ද සංචිතයට කැදවා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරගය අද රාත්‍රී 7ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.