Ultimate magazine theme for WordPress.

අලීම් ඩාර් සමු ගනිද්දී දෙදෙනෙකු උසස්ම විනිසුරු කමිටුවට

ජගත් ක්‍රිකට් කවුන්සලයේ උසස්ම විනිසුරු කමිටුවෙන් (ICC Elite Panel of Umpires) ඉවත් වීමට පාකිස්තානයේ අලීම් ඩාර් තීරණය කර තිබෙනවා.

54 හැවිරිදි ඩාර් වසර 19 ක කාලයක් එම කමිටුවේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරග 435 ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ අලීම් ඩාර් 2007 හා 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියන්හි අවසන් මහා තරගයේ දී මෙන්ම 2010 හා 2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියන්හි අවසන් මහා තරගයේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

2000 වසරේ පැවැති එක්දින තරගයකදී විනිසුරුවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අලීම් ඩාර් ICC Elite Panel නියෝජනය කළ පළමු පාකිස්තාන විනිසුරුවරයායි.

එක්දින තරග 222 කදී, 20යි 20 තරග 69 කදී හා ටෙස්ට් තරග 144 කදී ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස කටයුතු ඔහු එක්දින ලෝක කුසලාන තරගාවලි 5කදී හා 20යි 20 ලෝක කුසලාන තරගාවලි 7කදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

2009, 2010 හා 2011 වසරවලදී අයි.සී.සී වසරේ විනිසුරුවරයා සම්මානයෙන් ද අලීම් ඩාර් පිදුම් ලැබුවා.

මේ අතර, ජගත් ක්‍රිකට් කවුන්සලයේ උසස්ම විනිසුරු කමිටුව සදහා දකුණු අප්‍රිකාවේ Adrian Holdstock හා පාකිස්තානයේ Ahsan Raza ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ICC Elite Panel විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 12 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ICC Elite Panel of Umpires:

Chris Gaffaney (New Zealand), Kumar Dharmasena (Sri Lanka), Marais Erasmus (South Africa), Michael Gough (England), Nitin Menon (India), Paul Reiffel (Australia), Richard Illingworth (England), Richard Kettleborough (England), Rodney Tucker (Australia), Joel Wilson (West Indies), Adrian Holdstock (South Africa) and Ahsan Raza (Pakistan).

Leave a comment