Ultimate magazine theme for WordPress.

අයියර්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දෙරට අතර පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී මුහුණ දුන් පිට කොන්දේ ආබාධය හේතුවෙන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් ෂ්රෙයස් අයියර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද අධීක්ෂණය කර ඒ පිළිබද අවසන් තීරණයක් ගනු ඇති.

ඉන්දු – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය එළඹෙන සිකුරාදා (17) මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment