අයර්ලන්තය ටෙස්ට් ඉතිහාසයේ සිය පළමු ජය වාර්තා කරයි
Match Report

ඇෆ්ඝනිස්තානය සමග අබුඩාබි හී දී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් ටෙස්ට් ඉතිහාසයේ දී තමන් ලැබූ පළමු ජය වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.
තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 111 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක ඇන්ඩි බල්බර්නි නොදැවී ලකුණු 58 ක් හා ලෝකන් ටකර් නොදැවී ලකුණු 27 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඒ, ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 39 දී බිද වැටුණු පසුබිමකයි.
පීටර් මුවර් හා කර්ටිස් කැම්පර් ලකුණු නොලබාත්, හැරී ටෙක්ටර් ලකුණු දෙකකටත්, පෝල් ස්ටර්ලින්ග් ලකුණු 14 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී නවීඩ් සඩ්‍රාන් කඩුලු 2ක් දවා ගත් අතර, නිජට් මසූද් හා සියා-උර්-රහ්මාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 155 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය ලකුණු 263 ක් රැස් කළා.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 218 ක් පමණයි.
හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 55 ක් ලබා ගත්තා. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මාර්ක් අඩයර්, බැරී මැකාර්ති හා ක්‍රෙයිග් යන්ග් කඩුලු 3 බැගින් බිද හෙලුවා.