Ultimate magazine theme for WordPress.

අද ඇරඹෙන WPL තරගාවලියේ පළමු තරගයේ වෙනසක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලිය අද (4) ආරම්භ වනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම අතරයි.

තරගය මීට පෙර රාත්‍රී 7:30ට මුම්බායි හි D Y පටිල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබුණ ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිවේදනය කළේ පළමු තරගය රාත්‍රී 8ට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

සමාරම්භක උත්සවය පස්වරු 6:25 ට ආරම්භ වන අතර, පස්වරු 4 සිට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

පළමු තරගයේ කාසියේ වාසිය පස්වරු 7:30 ට උරගා බැලීමට නියමිතයි.