Ultimate magazine theme for WordPress.

දශකයේ ICC සම්මානලාභීන් සහ කණ්ඩායම් නම් කෙරේ

පසුගිය දශකයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා ඇගයීමට ලක් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දශකයේ එක්දින, 20යි 20 සහ ටෙස්ට් කණ්ඩායම් මෙන්ම තවත් සම්මානලාභීන් කිහිපදෙනෙකුගේ නම් අද දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

ඉතිරි සම්මානලාභීන්ගේ නම් හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණු ඇති.

අයි.සී.සී දශකයේ කණ්ඩායම් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ටෙස්ට් වරම් නොලැබූ රටවල් අතරින් පසුගිය දශකයේ ක්‍රීඩකයා ලෙස අයි.සී.සී සම්මානයෙන් පිදුම් ලැබුවේ ස්කොට්ලන්තයේ Kyle Coetzer.

ඔහු අදාළ කාලසීමාවේ දී එක්දින ලකුණු 2277 ක් රැස් කර තිබුණේ ඉනිමක සාමාන්‍ය 45.54ක් ලෙස සටහන් කර ගනිමින්.

ටෙස්ට් වරම් නොලැබූ රටවල් අතරින් පසුගිය දශකයේ ක්‍රීඩිකාව ලෙස ස්කොට්ලන්තයේම Kathryn Bryce සම්මානයෙන් පිදුම් ලැබුවා.

අදාළ කාලයේ 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ඇයගේ පිතිකරණ සාමාන්‍ය 50ක් ලෙස සහ පන්දු යැවීමේ සාමාන්‍ය 9.93ක් ලෙස සටහන්ව තිබෙනවා.

අයි.සී.සී දශකයේ 20යි 20 කණ්ඩායම : (Also Read : දශකයේ ICC 20යි 20 කණ්ඩායමට ලසිත් මාලිංගත් නම් කෙරේ)

රෝහිට් ෂර්මා, ක්‍රිස් ගේල්, ආරෝන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ග්ලේන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි, කිරන් පොලාඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රිට් බුම්රා, ලසිත් මාලිංග

අයි.සී.සී දශකයේ එක්දින කණ්ඩායම : (Also Read : දෝනිගේ නායකත්වයෙන් යුත් දශකයේ ICC එක්දින කණ්ඩායමටත් ශ්‍රී ලාංකිකයෙක්)

රෝහිට් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ශකිබ් අල් හසාන්, මහේන්ද්‍ර සිං දෝනි, බෙන් ස්ටොක්ස්, මිචෙල් ස්ටක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තහීර්, ලසිත් මාලිංග

අයි.සී.සී දශකයේ ටෙස්ට් කණ්ඩායම : (Also Read : අයි.සී.සී දශකයේ ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ)

ඇලස්ටයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි, ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර, බෙන් ස්ටොක්ස්, ආර්. අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්

අයි.සී.සී දශකයේ කාන්තා 20යි 20 කණ්ඩායම :

ICC

අයි.සී.සී දශකයේ කාන්තා එක්දින කණ්ඩායම :

ICC
Leave a comment