Ultimate magazine theme for WordPress.

උනඩ්කට් ඉන්දීය ටෙස්ට් සංචිතයට කැදවයි

බංග්ලාදේශයට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතය සදහා ජයිදේව් උනඩ්කට් කැදවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි වෙනුවටයි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ජයිදේව් උනඩ්කට් සංචිතයට ආදේශ කර ඇත්තේ.

උනඩ්කට් සිය පළමු හා එකම ටෙස්ට් තරගය ක්‍රීඩා කර ඇත්තේ 2010 වසරේ දි යි.

දෙවැනි එක්දින තරගයේ දී ඇගිල්ලක සිදු වූ ආබාධය හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ඉන්දීය නායක රෝහිට් ෂර්මාගේ සහභාගීත්වය ද අවිනිශ්චිත වී තිබෙනවා.

ඔහු වෙනුවට පළමු ටෙස්ට් තරගයේ දී කේ එල් රාහුල් කණ්ඩායම මෙහෙයවීමට නියමිතව ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය සදහා ද ෂර්මාට ක්‍රීඩා කළ හැකි දැයි මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැහැ.

ඔහු වෙනුවට Abhimanyu Easwaran ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමට ඉඩ ඇති බව ද සදහන්.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය Chattogram හී දී දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 22 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.