Ultimate magazine theme for WordPress.

දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්

Match Report

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂතා හමුවේ සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 100 ක් පමණක් ලබා ගත්තා.

Shamima Sultana හා Sobhana Mostary ලකුණු 18 බැගින් රැස් කළ අතර, Rubya Haider ලකුණු 16යි.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවිර හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායිකා චමරි අතපත්තු පන්දු 27 කින් ලකුණු 33 ක් රැස් කළා. විශ්මි ගුණරත්න ලකුණු 12 යි. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 29 ක් හා කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 20 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Fahima Khatun ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Leave a comment