Ultimate magazine theme for WordPress.

ප්‍රබල වේග පන්දු යවන්නාට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි ; චහාර් එක්දින තරගාවලියෙනුත් ඉවතට

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමිට දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වළලුකර ප්‍රදේශයේ සිදුව ඇති ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

සිකුරාදා දිනයේ දී ඉන්දීය ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ජොහැනස්බර් නුවර බලා පිටත්ව ගිය අතර, එම ක්‍රීඩකයින් අතරට ෂාමි ඇතුළත්ව සිටියේ නැහැ.

ඔහුව ඉන්දීය ටෙස්ට් සංචිතයට නම් කිරීමේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර සදහන් කළේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් ෂාමි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි.

කෙසේ වෙතත්, ඔහු මෙතෙක් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් මොහමඩ් ෂාමිට ටෙස්ට් තරගාවලිය අහිමි වන බව අද දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියා.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන නැහැ.

ජස්ප්‍රිට් බුම්රා, මොහමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්නා, මුකේෂ් කුමාර් හා ශර්දුල් තාකූර් වේග පන්දු යවන්නන් ලෙස ටෙස්ට් සංචිතයේ රැදී සිටිනවා.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ පවුලේ අසනීප තත්ත්වයක් හේතුවෙන්(“family medical emergency”).

චහාර් පසුගිය මාසයේ දී පැවැති ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී සිව්වැනි තරගය සදහා ක්‍රීඩා කළ අතර, අනතුරුව ඔහු පෞද්ගලික හේතුවක් මත යළි සිය නිවස බලා පිටත්ව ගියා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ දී පසුගිය සතියේ දී පැවැති 20යි 20 තරගාවලිය සදහා ද දීපක් චහාර් එක් වූයේ නැහැ.

කේ.එල් රාහුල් නායකත්වය දරන එක්දින සංචිතය සදහා ආකාෂ් දීප් ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, ටෙස්ට් තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මැදපෙල පිතිකරු ෂ්රෙයස් අයියර් දෙසැම්බර් 17 වැනිදා ජොහැනස්බර්ග් හී දී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව එක්දින සංචිතයෙන් ඉවත් වීමට ද නියමිතව තිබෙනවා.

India’s updated ODI squad:

Ruturaj Gaikwad, B Sai Sudharsan, Tilak Varma, Rajat Patidar, Rinku Singh, Shreyas Iyer, KL Rahul (c, wk), Sanju Samson (wk), Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Yuzvendra Chahal, Mukesh Kumar, Avesh Khan, Arshdeep Singh, Akash Deep