සිම්බාබ්වේ පිල හෙට දිවයිනට ; ප්‍රවේශ පත්‍ර කවුළු ජනවාරි 4 සිට විවෘතයි

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට(3) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
හෙට පස්වරු 6.15 ට ඔවුන් දිවයිනට ළගා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලිය ජනවාරි 6, 8 හා 11 යන දිනවලදී ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 හා 18 යන දිනවලදී ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගත හැකියි.
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු ද ජනවාරි 4 වැනිදා පෙරවරු 9 සිට විවෘතව තබන අතර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වනවා.
ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට 5,000 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.