Ultimate magazine theme for WordPress.

වෝනර් 20යි 20 තරගාවලියෙන් ඉවත් කෙරේ ; ලෝක කුසලානයට ක්‍රීඩා කළ 7ක් සංචිතයට

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඉවත් කර තිබෙනවා.

දෙසැම්බර් 14 වැනිදා පාකිස්තානයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලිය හේතුවෙන් මෙම 20යි 20 තරගාවලියට සියලු තරග රටා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් රැසක් එක්වන්නේ නැහැ.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය නිමා වීමත් සමග යළි සිය රට බලා පිටත්ව යන ක්‍රීඩකයින් අතරට පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක්, කැමරන් ග්‍රීන් හා මිචෙල් මාෂ් ද ඇතුළත්.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ වෝනර් ලකුණු 535 ක් රැස් කළේ 48.63 ක ඉනිමක සාමාන්‍යයක් සමගින්.

පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් පසුව ඩේවිඩ් වෝනර් ටෙස්ට්  ක්‍රිකට් පිටියට සමු දෙනු ඇති.

බටහිර ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Aaron Hardie ඉන්දියාවට එරෙහි 20යි 20 සංචිතයට ආදේශ කර ඇති අතර, ආබාධයකට ලක් වූ ස්පෙන්සර් ජොන්සන් වෙනුවට කේන් රිචර්ඩ්සන් ද සංචිතයට නම් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 7 දෙනෙකු ඉන්දියාවට එරෙහි 20යි 20 සංචිතයට ඇතුළත්. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ මැතිව් වේඩ්.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 23 වැනිදා විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිත අතර, අවසන් 20යි 20 තරගය එළඹෙන තුන්වැනිදා බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.

Australia’s T20I squad :

Matthew Wade (c), Travis Head, Steven Smith, Glenn Maxwell, Matt Short, Marcus Stoinis, Tim David, Josh Inglis, Aaron Hardie, Jason Behrendorff, Sean Abbott, Nathan Ellis, Kane Richardson, Adam Zampa, Tanveer Sangha