Ultimate magazine theme for WordPress.

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

දෙසැම්බර් හා ජනවාරි මාසවලට යෙදී ඇති ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ තරග කාලසටහන දෙරටේ ක්‍රිකට් ආයතන විසින් අද(14) නිවේදනය කළා.

මෙම සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග 2 ක් ඇතුළත්. ටෙස්ට් තරගාවලිය 2023-25 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

තරග සංචාරය ආරම්භ කරමින් 20යි 20 තරගාවලිය දෙසැම්බර් 10 වැනිදා ඩර්බන් හීදී ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලිය දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වන අතර, පළමු ටෙස්ට් තරගය බොක්සිං දින තරගයක් ලෙස දෙසැම්බර් 26 වැනිදා සෙන්චූරියන් හී දී ද, දෙවැනි ටෙස්ට් තරගය නව වසරේ පළමු ටෙස්ට් තරගය ලෙස ජනවාරි 3 වැනිදා කේප් ටවුන් හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අවසන් වරට ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ටෙස්ට් සංචාරයක් සදහා එක් වුණේ 2021 දෙසැම්බර් හා 2022 ජනවාරි මාසවලදීයි. තරග 3කින් යුත් එම ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකාවයි.

Schedule :

  • 1st T20I: 10 December – Hollywoodbets Kingsmead Stadium, Durban
  • 2nd T20I: 12 December – St George’s Park, Gqeberha
  • 3rd T20I: 14 December – DP World Wanderers Stadium, Johannesburg
  • 1st ODI: 17 December – Betway Pink Day – DP World Wanderers Stadium, Johannesburg
  • 2nd ODI: 19 December – St George’s Park, Gqeberha
  • 3rd ODI: 21 December – Boland Park, Paarl
  • 1st Test: 26 December – 30 December – SuperSport Park, Centurion
  • 2nd Test: 03 January – 07 January – Newlands Cricket Ground, Cape Town