ෆරූකි, නජිබුල්ලාහ් හා ගුර්බාස් පාකිස්තානය පරදා ඇෆ්ඝනිස්තානයට ඓතිහාසික තරගාවලි ජයක් හිමි කර දෙයි
Match Report
පාකිස්තානයට එරෙහි පළමු ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කර වසර 11 කට පසුව පසුගියදා ඔවුන්ට එරෙහිව ලැබූ පළමු ජාත්‍යන්තර තරග ජයෙන් පසුව යළිත් වරක් පිට පිට දෙවැනි තරගයේ දී ද පාකිස්තානය පරදා දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
මෙරට වේලාවෙන් අද(27) අලුයම අවසන් වූ දෙවැනි 20යි 20 තරගය ජය ගැනීම සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක තියුණු ජයක් වාර්තා කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.
රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 44 ක් (පන්දු 49කින්) හා ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 38 ක් (පන්දු 40කින්) රැස් කළා. ලකුණු ලබා ගැනීම තරමක් දුෂ්කර වූ සාජා තණතීරුවේ දී තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාර දෙක තුළ දී ලකුණු 22 ක් ඇෆ්ඝනිස්තානයට අවශ්‍ය වුණේ තරගයේ ජය දෙපිලටම දෝලනය කරමින්.
කෙසේ වෙතත්, නසීම් ශාහ් යොමු කළ ඇෆ්ඝනිස්තාන ඉනිමේ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට මොහමඩ් නබී විසින් ද, එම පන්දුවාරයේ අවසන් පන්දුවට නජිබුල්ලාහ් සඩ්‍රාන් විසින් ද හයේ පහර දෙකක් එල්ල කරමින් තරගයේ පාලනය සිය කණ්ඩායම වෙත නතු කර ගත්තා.
ඒ අනුව අවසන් පන්දුවාරයට තරගය ජය ගැනීමට ඇෆ්ඝනිස්තානයට අවශ්‍ය වූයේ ලකුණු 5 ක් පමණයි. සමාන් ඛාන් යොමු කළ 20 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට නජිබුල්ලාහ් විසින් එල්ල කළ පහරකින් පසුව පන්දුව third man කලාපය වෙත ඇදී ගිය අතර, එහිදී උඩ පන්දුවක් රැක ගැනීමට third man හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා අසාර්ථක උත්සාහයක නිරත වීමත් සමග පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියේ ඇෆ්ඝනිස්තානයට ඓතිහාසික තරග ජයක් තහවුරු කර දෙමින්. (අවසන් පන්දුවේ දර්ශන පහතින් නරඹන්න)
නජිබුල්ලාහ් පන්දු 12 කින් නොදැවී ලකුණු 23 ක් හා මොහමඩ් නබී පන්දු 9 කින් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමිනුයි සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 130 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.
ඉනිමේ දෙවැනි හා තෙවැනි පන්දුවලදී පිළිවෙලින් සයීම් අයුබ් (ලකුණු 0) හා අබ්දුල්ලාහ් ශෆික්ගේ (ලකුණු 0) කඩුලු දවා ගැනීමට ෆසල්හක් ෆරූකි සමත් වුණා. (දර්ශන පහතින් නරඹන්න)
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉමාඩ් වසීම් පන්දු 57 කින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් සමගින්. නායක ශඩාබ් ඛාන් ලකුණු 32 යි (පන්දු 25).
What a momentous occasion for Afghanistan cricket! 🙌😍
AfghanAtalan have created history by securing their first-ever T20I series win over traditional rivals Pakistan. It's a triumph of grit, courage, and teamwork. pic.twitter.com/nQ7jjqmm14
— Afghanistan Cricket Board (@ACBofficials) March 26, 2023
Excellent Start for Afghanistan 🤩
Watch @fazalfarooqi10's two back to back wickets in the first over to give Afghanistan an incredible start in the 2nd T20I. #AfghanAtalan | #AFGvPAK | #LobaBaRangRawri pic.twitter.com/oulOZ4nVMN
— Afghanistan Cricket Board (@ACBofficials) March 26, 2023