ඉසිතගේ කඩුලු 7 හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායම විශිෂ්ඨ ජයක් අභියස
Day 3 Report
ඉසිත විජේසුන්දරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(10) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද ඉහළ බලාපොරොත්තු ශ්‍රී ලංකා A කණ්ඩායමට උරුම කර දෙමින්.
Kimberley හී දී පැවැත්වෙන තරගය අද දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා. ලහිරු උදාර ලකුණු 26 කට දැවී ගියා.
ඒ අනුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා A කණ්ඩායම තවත් ලකුණු 140 ක් ලබා ගත යුතුයි.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 323 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 372 ට පිළිතුරු ලෙසයි.
ඕෂද ප්‍රනාන්දු ලකුණු 122 ක් ලබා ගත් අතර, පසිදු සූරියබණ්ඩාර ලකුණු 61 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Beyers Swanepoel කඩුලු 4 ක් දවා ගත්තා.
අනතුරුව දකුණු අප්‍රිකා A දෙවැනි ඉනිම ලකුණු 124 කට සීමා කිරීමට ශ්‍රී ලංකා A පන්දු යවන්නන් සමත් වුණා.
Beyers Swanepoel නොදැවී ලකුණු 38 ක් ලබා ගත් අතර, සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉසිත විජේසුන්දර ලකුණු 34 කට කඩුලු 7 ක් දවා ගැනීම විශේෂත්වයක්.
— cric sl (@cricslvideo) September 11, 2024