Ultimate magazine theme for WordPress.

සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඔහු 2011 වසරේ දී ජාත්‍යන්තර තරග බිමට පිවිසි අතර, වසර අටක කාලයක් ඔහු ජාත්‍යන්තර තරග පිටියේ රැදී සිටියා.

අවසන් වරට සුනිල් නරේන් ජාත්‍යන්තර පිටියේ දී දැක ගත හැකි වූයේ 2019 වසරේ දී යි.

ජාත්‍යන්තර පිටියට සමු දීමට අමතරව ඔහු දේශීය එක්දින පිටියෙන් ද විශ්‍රාම ගැනීමටයි තීරණය කර ඇත්තේ.

සුනිල් නරේන් කොදෙව්වන් වෙනුවෙන් ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 65 ක් හා 20යි 20 තරග 51 ක් ක්‍රීඩා කළ අතර, එහිදී දවා ගත් කඩුලු ගණන පිළිවෙලින් 21, 92 හා 52 ක්.

2014 වසරේ දී පළමු වරට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, මෙම චෝදනා හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට දැඩි බලපෑම් එල්ල වුණා.