ශ්රී ලංකාවට එරෙහි අයර්ලන්ත සංචිතයට වෙනස්කම් දෙකක්

සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්ත කාන්තා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කිරීමට සිදුව තිබෙනවා.
නායිකා Laura Delany ආබාධයකට ලක්වීම හේතුවෙන් ගැබී ලුවිස් අයර්ලන්ත කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කිරීමට නියමිතයි.
ලුවිස් ශ්රී ලංකාවට එරෙහි දෙවැනි විස්සයි 20 තරගයේ දී විශිෂ්ඨ ශතකයක් ද වාර්තා කරමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒම සදහා සිය කණ්ඩායමට ඉහළ දායකත්වය ලබා දෙනු ලැබුවා.
Delany ආබාධයකට ලක් වූයේ ද දෙවැනි විස්සයි 20 තරගයේ දී යි. ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බැවින් ඇය වෙනුවට Jane Maguire සංචිතයට ආදේශ කර තිබෙනවා.
මේ අතර, ආබාධයකට ලක්ව සිටින Una Raymond-Hoey හට ද එක්දින තරගාවලිය අහිමි වී ඇති අතර, Sarah Forbes ඇය වෙනුවට සංචිතයේ රැදී සිටිනවා.
හෙට(16) සිට 20 වැනිදා දක්වා එක්දින තරගාවලිය Belfast හී දී පැවැත්වීමට නියමිත අතර, මෙම එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට ද අයත් වනවා.
ODI Squad:
Gaby Lewis (c), Ava Canning, Alana Dalzell, Amy Hunter, Arlene Kelly, Jane Maguire, Joanna Loughran, Aimee Maguire, Leah Paul, Orla Prendergast, Freya Sargent, Rebecca Stokell, Alice Tector, Sarah Forbes
ODI series schedule:
16th August, 1st ODI, Stormont, Belfast
18th August, 2nd ODI, Stormont, Belfast
20th August, 3rd ODI, Stormont, Belfast