Ultimate magazine theme for WordPress.

Watch : ෆකාර් සමාන් ගහපු මීටර් 95 ක් දිග දැවැන්ත හයේ පහර

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේ දී විශිෂ්ඨ පහරක් එල්ල කරමින් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන් අද(31) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග කොල්කටා හී දී අද දහවල් ආරම්භ වූ තරගයේ පාකිස්තාන ඉනිම අතරතුර දී යි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204 ක් පමණයි.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී ටස්කින් අහ්මඩ්ට එරෙහිව ෆකාර් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළා‍.

එම හයේ පහරේ දිග මීටර් 95 ක් ලෙසයි සටහන්ව තිබුණේ.