Ultimate magazine theme for WordPress.

Watch : රතු පන්දුවට සමු දෙන මැතිව් වේඩ් සමරවීරට යවපු පන්දුවාරය මතකද?

ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවෙකු වන මැතිව් වේඩ් පළමුපෙල ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා තීරණය කළ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එළඹෙන බ්‍රහස්පතින්දා පර්ත් හී දී බටහිර ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයේ දී තස්මේනියා කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගයෙන් පසුව රතු පන්දු පිටියට සමු දීමට නියමිතයි.

අවසන් තරගය ක්‍රීඩා කරන බැවින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීම ද දින කිහිපයකින් ප්‍රමාද වනවා.

කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ඔහුව ලොව පුරා සියලු ක්‍රීඩාලෝලීන් හදුනා ගෙන ඇති බව නොරහසක්.

කෙසේ වෙතත්, cricket.com.au වෙබ් අඩවිය විසින් ඔහු පන්දු යවන ආකාරය ඇතුළත් අපූර්ව වීඩියෝවක් සමාජ මාධ්‍ය ගිණුම් හි පල කර තිබෙනවා.

ඔහු ටෙස්ට් පිටියේ දී යොමු කළ පළමු පන්දුවාරය එය වන අතර, එම පන්දුවාරය ඔහු යොමු කළේ 2012 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ඔහු යොමු කළ එකම පන්දුවාරය වූ එම පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසයි සටහන් වුණේ.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී තරග 36 ක් ක්‍රීඩා කර ඇති ඔහු ඉනිම් 4කදී පමණක් පන්දු යවා තිබෙනවා. එහිදී පන්දු 30ක් තුළ 28 ක් ඔහු ප්‍රතිවාදීන්ට ලබා දී ඇති අතර, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වී නැහැ.

තිලාන් සමරවීරට එරෙහිව ඔහු පන්දු යවන ආකාරය ඇතුළත් අදාළ වීඩියෝව බොහෝ ක්‍රීඩාලෝලීන්ට සංවේදී වීඩියෝවක් ද වනු නොඅනුමානයි.

ඊට හේතුවන්නේ මැතිව් වේඩ් පන්දු යවන අවස්ථාවේ දී ඔහු වෙනුවට කඩුලු රැකීමේ කාර්යය ඉටු කිරීමේ වගකීම භාර ගන්නේ මීට වසර 9කට පමණ පෙර මිය ගිය පිල් හියුස්.

Leave a comment