Ultimate magazine theme for WordPress.

ශකිබ් අල් හසාන් මහමැතිවරණයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.

පාලක Awami ලීගය ඔස්සේ ඔහු මැතිවරණයට තරග කිරීමට නියමිතව ඇති අතර, ඒ සදහා වන ඔහුගේ නාමයෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ශකිබ් අල් හසාන් Magura-1 මැතිවරණ කොට්ඨාසයෙන් මැතිවරණයට තරග කරන අතර, ජනවාරි 7 වැනිදා එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ඇගිල්ලක ආබාධයෙන් තවමත් ශකිබ් සුවය ලබමින් පසුවනවා.

ඔහු යළි ක්‍රිකට් පිටියට පිවිසෙන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.