සිය අවසන් ටෙස්ට් තරගයට පෙර අකරතැබ්බයකට මුහුණ දුන් වෝනර්ගෙන් සංවේදී ඉල්ලීමක්

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් හිස්වැසුම (baggy green) ඇතුළත් ගමන්මල්ල අස්ථානගත වී තිබෙනවා.
පාකිස්තානයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් මෙල්බර්න් සිට සිඩ්නි දක්වා පැමිණෙන අතරවාරයේ දී එම ගමන්මල්ල මෙලෙස අස්ථාන ගත වී ඇති බවයි වෝනර් සදහන් කළේ.
සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් යොමු කරමින් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ කඩිනමින් සිය හිස්වැසුම් තමාට ලබා දීමට කටයුතු කරන ලෙසයි.
පාකිස්තානය සමග හෙට (3) සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයයි.
“කරුණාකර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ මාව සම්බන්ධ කර ගන්න. මට ආපසු හිස්වැසුම් ලබා දෙනවානම් මම කැමැතියි ඔබට මේක (ගමන්මල්ලක්) ලබා දෙන්න.” යනුවෙන් වෝනර් කියා සිටියා.
අස්ථානගත වී ඇති බෑගය තුළ හිස්වැසුම් දෙකක් පැවැති බවට වාර්තා වන්නේ යැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 111 න් වැඩි තරග ප්‍රමාණයකට භාවිතා කළ ටෙස්ට් හිස්වැසුම ද ඒ අතරට ඇතුළත්.
2017 වසරේ දී ඔහුට තවත් හිස්වැසුමක් ලබා දී තිබුණේ ඔහුගේ මුල් හිස්වැසුම අස්ථානගත වී තිබූ අවස්ථාවකයි. පසුව එය ඔහුගේම නිවසේ තිබී ඔහුගේ බිරිද විසින් සොයා ගෙන තිබුණා.
ඩේවිඩ් වෝනර් සිය හිස්වැසුම සම්බන්ධයෙන් කළ සම්පූර්ණ ප්‍රකාශය හා වීඩියෝ දර්ශනය පහතින් –
“Hi all, this is my last resort, but my backpack, which contained my Baggy Green, has been taken from my luggage, which was transported to Melbourne airport and flown on @qantas to Sydney a few days ago. @qantas have said they checked their cameras and have not seen anyone open our bags and take the backpack, however they do have blind spots. If you are the person, who was either working for the company driving it to and from the airport or working for @qantas and have, by chance, just wanted the backpack, I have one for. I would be grateful if this were returned asap. Thanks”
View this post on Instagram