Ultimate magazine theme for WordPress.

ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක් වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්.

මෙම අනතුර අද (14) පෙරවරු කාලයේ දී සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරට සම්බන්ධ බව කියන වීඩියෝ දර්ශන කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දක්නට ලැබෙනවා.