කේප් ටවුන් ක්‍රීඩාංගනයට අයි.සී.සීයෙන් දඩුවම්

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ තණතීරුව ‘අසතුටුදායක’ (unsatisfactory) ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් වර්ගීකරණය කර තිබෙනවා.
ඒ අනුව එම ක්‍රීඩාංගනයට දඩුවම් ලකුණක් පැනවීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.
තරග නිළධාරීන්ගේ හා නායකයින් දෙදෙනා වූ ඩීල් එල්ගර් හා රෝහිත් ෂර්මාගේ අදහස් සැලකිල්ලට ගනිමින් අයි.සී.සී තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් විසින් සිය වාර්තාව අයි.සී.සීය වෙත යොමු කර තිබුණා.
නායකයින් දෙදෙනාගේම අදහස වී ඇත්තේ අදාළ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ බවටයි.
අදාළ වාර්තාව අයි.සී.සීය විසින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර, ලබා දී ඇති දඩුවමට එරෙහිව අභියාචනයක් ගොණු කරන්නේනම් ඔවුන්ට ඒ සදහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.
ක්‍රීඩාංගනයකට එරෙහිව ලබා දෙන දඩුවම් ලකුණු වසර පහක කාලයක් සදහා වලංගු වන අතර, දඩුවම් ලකුණු ප්‍රමාණය හයක් දක්වා ඉහළ ගිය විට එම ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග පැවැත්වීම මාස 12 ක කාලයක් සදහා තහනම් කරනු ලබනවා.
දඩුවම් ලකුණු ප්‍රමාණය 12 ක් දක්වා ඉහළ ගියහොත් එම ක්‍රීඩාංගනයේ තරග පැවැත්වීම මාස 24 ක කාලයක් සදහා තහනම් වනවා.
ඉතිහාසයේ කෙටිම ටෙස්ට් තරගය ලෙස අවසන් වූ ඉන්දු – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය දින දෙකක් තුළ නිමා වූයේ ඉන්දියාවට ජය හිමි කර දෙමින්. ජනවාරි 3 වැනිදා ආරම්භ වූ තරගයේ පළමු දිනයේ දී පමණක් බිද වැටුණු කඩුලු ප්‍රමාණය 23 ක්.
එහිදී දකුණු අප්‍රිකාව පළමු ඉනිමේ දී ලකුණු 55 කට දැවී ගිය අතර, ඉන්දීය පළමු ඉනිමේ අවසන් කඩුලු හය ලකුණු බින්දුවකට දැවී ගියා.
තණතීරුව සම්බන්ධයෙන් අයි.සී.සී තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මෙලෙස අදහස් පල කර තිබෙනවා.
“The pitch in Newlands was very difficult to bat on. The ball bounced quickly and sometimes alarmingly throughout the match, making it difficult to play shots. Several batters were hit on the gloves and many wickets also fell due to the awkward bounce.”