Ultimate magazine theme for WordPress.

ලකුණු 40 ක ජයකින් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Match Report

බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(18) අලුයම සමත් වුණා.

ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ තෙවැනි දිනයේ දී තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 263 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 222 ක් පමණයි.

ගුඩකේෂ් මෝති ලකුණු 45 ක්, කවෙම් හොඩ්ජ් ලකුණු 29 හා ජොෂුවා ද සිල්වා ලකුණු 27 ක් රැස් කළ අතර, නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් හා ජොමෙල් වොරිකන් (නොදැවී) ලකුණු 25 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 37 කට කඩුලු 3 ක් ද, කාගිසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 160 කට දැවී ගිය අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 144 ක් පමණයි.

අනතුරුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 246 ක්.