Ultimate magazine theme for WordPress.

IPL ඉතිහාසයේ මාලිංග සහ නරායන් පමණක් සමකර සිටින විශිෂ්ඨ වාර්තාව

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ වඩාත් කැපීපෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ සුවිශේෂී විදෙස් පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි ලසිත් මාලිංග හා සුනිල් නාරායන් කියන්නේ.

මේතාක් ඔවුන් දෙදෙනා පමණක් සමකර සිටින අපූර්ව IPL වාර්තාවක් පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ඔබව දැනුවත් කිරීමට Hitwicket.lk අප තීරණය කළා.

IPL ඉතිහාසය තුළ ඉහළම කඩුලු ලාභියා වන්නේ ලසිත් මාලිංග බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

ඔහු පන්දුවෙන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උර දුන් වාර අප්‍රමාණයි.

එමෙන්ම පන්දුවෙන් මෙන්ම ඇතැම් අවස්ථාවල පිත්තෙන් පවා සිය කණ්ඩායමේ ජයග්‍රහණයන් වෙනුවෙන් දායකත්වය සැපයු ක්‍රීඩකයකු තමයි සුනිල් නරායන් කියන්නේ.

මෙවර තරගාවලියෙදී නරායන් යම් පසුබැසීමකට ලක්ව සිටියත් ඉතිහාසය පුරා දත්ත වාර්තා සලකා බැලීමේ දී අඛණ්ඩව යම් සාර්ථකත්වයක් පවත්වාගෙන ආ පන්දු යවන්නන් කිහිප දෙනාගේ නම් අතර ඔහුගේ නමත් දැකගන්නට පුලුවන්.

විස්සයි විස්ස ඉනිමකදී කඩුලු 4 ක් හෝ 5 ක් බිඳ හෙලීම සෑම පන්දුයවන්නෙකුම ඉතාමත් ප්‍රිය කරන කරුණක්.

ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළදී ඉනිමක කඩුලු හතරේ අවස්ථා වැඩිම සංඛ්‍යාවකට උරුමකම් කියන පන්දු යවන්නන් දෙදෙනා වන්නේ සුනිල් නරායන් සහ ලසිත් මාලිංගයි.

IPL තරගාවලි ඉතිහාසයේ දී ඔවුන් දෙදෙනා ඉනිමක දී කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා 06 බැගින් වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව ඔවුන් දෙදෙනාම එක් ඉනිමක කඩුලු පහ බැගින් දවා ගත් අවස්ථාවකට ද උරුමකම් කියනවා.

මේ දක්වා මෙම වාර්තාව අභිබවා යාමට කිසිදු පන්දු යවන්නෙකු සමත්වී නොතිබීම විශේෂත්වයක්.

යම්තාක් දුරකට හෝ එම වාර්තාවට ආසන්නයෙන් සිටින්නේ ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රායි.

ඔහු IPL තරගාවලි ඉතිහාසයේ දී ලබාගෙන සිටින ඉනිමක කඩුලු හතරේ අවස්ථා ගණන 04 ක්.

ඊට අමතරව ඉනිමක එක් කඩුලු පහේ අවස්ථාවකටද ඔහු උරුමකම් කියනවා.

Leave a comment