දේශපාලන බලපෑම් සොයන්න අයි.සී.සී උප සභාපති දිවයිනට
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එල්ල වන බව කියන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබද කරුණු සෙවීම සදහායි ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ.
ඒ අනුව ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමග හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සමග අද දිනයේ දී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු සහ ක්‍රීඩාවේ පරිපාලනය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ ඉම්රාන් ක්වාජා කරුණු විමසා බැලූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැයි 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉම්රාන් ක්වාජාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සහ අමාත්‍යවරයා හමුවීමට ඔහුගේ අභිප්‍රාය පිළිබඳ කරුණු දැනුම් දී තිබෙනවා.