RCB කණ්ඩායමේ නම වෙනස් කෙරේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන RCB කණ්ඩායම සිය නමෙහි සුළු සංශෝදනයක් සිදු කර තිබෙනවා.
මෙතෙක් එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යනුවෙන් හදුන්වනු ලැබූ නමුත්, ඉදිරියේ දී එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු නමින් හැදින්වීමට නියමිතයි.
එනම් බැංගලෝර් වෙනුවට එම නගරයේ නිල නාමය වන බැංගලූරු යන නම ඉදිරියේ දී ඔවුන් භාවිතා කිරීමට නියමිතයි.
අද(19) බැංගලූරුහි M. Chinnaswamy ක්‍රීඩාංගනයේ දී පැවැති උත්සවයකදීයි මෙම සංශෝදනය පිළිබද තොරතුරු අනාවරණය කෙරුණේ.
2008 වසරේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භයේ සිටම RCB කණ්ඩායම හදුන්වනු ලැබුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන නමිනුයි.
මේ අතර, බැංගලූරු කණ්ඩායම නව නිල ජර්සියක් හා නව සංඛේතයක් (Logo) ද සමගින් 2024 අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මීට පෙර Kings XI Punjab කණ්ඩායම Punjab Kings ලෙස ද, Delhi Daredevils කණ්ඩායම Delhi Capitals ලෙස ද සිය නම් වෙනස් කර තිබුණා.
Logo evolution of RCB🏏❤️ pic.twitter.com/A2mkyq8yBp
— CricketGully (@thecricketgully) March 19, 2024
𝟐𝟎𝟐𝟑 or 𝟐𝟎𝟐𝟒? 👕
Which RCB jersey gets your nod? 🔴🤔#IPL2024 pic.twitter.com/lhefgbsISR
— Sport360° (@Sport360) March 19, 2024