Women’s T20 Asia Cup : සත්කාරක ශ්‍රී ලංකාව අද තරග බිමට

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද(20) පැවැත්වෙනවා.
තරගය රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ තෙවැනි තරගය ද අද පැවැත්වෙන අතර, එම තරගයේ දී මැලේසියාව හා තායිලන්තය එකිනෙකා මුණ ගැසීමට නියමිතව තිබෙනවා. අදාළ තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය යටතේ ඊයේ පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට නේපාලය හා ඉන්දියාව සමත් වුණා.
ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පාකිස්තානය යන කණ්ඩායම්.