Ultimate magazine theme for WordPress.

මැතිව් වේඩ් රතු පන්දුව ගැන තීරණයක් ගනියි

ඔස්ට්‍රේලියානු පිතිකරු මැතිව් වේඩ් පළමුපෙල ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා පර්ත් හී දී බටහිර ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයේ දී තස්මේනියා කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගයෙන් පසුව රතු පන්දු පිටියට සමු දීමට නියමිතයි.

අවසන් තරගය ක්‍රීඩා කරන බැවින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීම ද දින කිහිපයකින් ප්‍රමාද වනු ඇති.

36 හැවිරිදි ඔහු ඉදිරියේදීත් සුදු පන්දු තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, ජූනි මාසයේ දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ද ඔහු බොහෝ විට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

හෝබාර්ට්හි උපත ලද වේඩ් Sheffield Shield ශූරතා 4ක් වික්ටෝරියා කණ්ඩායම සමග ජය ගත් අතර, ඉන් අවස්ථා දෙකකදී ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.