සෝදිගේ කඩුලු 6 හමුවේ බංග්ලාදේශයට ලකුණු 86 ක පරාජයක්
Match Report

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 86 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද(23) සමත් වුණා.
මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49.2 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 254 ක් රැස් කළ අතර, පිළිතුරු ඉලස බංග්ලාදේශයට පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.
නවසීලන්තය වෙනුවෙන් ටොම් බ්ලන්ඩල් ලකුණු 68 ක්, හෙන්රි නිකල්ස් ලකුණු 49 ක් හා ඉෂ් සෝදි ලකුණු 35 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් හා මහෙදි හසාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 49 ක් ලබා ගත් මහ්මුදුල්ලාහ්. තමිම් ඉක්බාල් ලකුණු 44 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ඉෂ් සෝදි කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට නවසීලන්තය පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.