Ultimate magazine theme for WordPress.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Toss Report

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය චිතගොංහී දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක් වූ ඩිල්ෂාන් මදුෂංක වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ මහීෂ් තීක්ෂණයි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 3ක් සිදු කර ඇති බව නායක නජ්මුල් හොසේන් ශන්තෝ සදහන් කළා.

ඒ අනුව Anamul Haque, Mustafizur Rahman හා Rishad Hossain කණ්ඩායමට කැදවා ඇත්තේ Litton Das, Tanzim Hasan හා Taijul Islam වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Bangladesh XI:

Soumya Sarkar, Anamul Haque, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mushfiqur Rahim(w), Mahmudullah, Mehidy Hasan Miraz, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara