Ultimate magazine theme for WordPress.

වෝක්ස්ගේ කඩුලු 4 හා මර්නස්-මාෂ්ගේ අර්ධ ශතක හමුවේ පළමු දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම

Day 1 Report

එංගලන්ත – ඔස්ට්‍රේලියා සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ(19) රාත්‍රියේ නිමා වුණේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.

මැන්චෙස්ටර් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියා.

පළමු කඩුල්ල ලෙස උස්මාන් කවාජා ලකුණු 3 කට දැවී ගියා. ඩේවිඩ් වෝනර් ලකුණු 32 යි.

මර්නස් ලබුෂේන් හා මිචෙල් මාෂ් ලකුණු 51 බැගින් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 48 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 41 ක් ලබා සිටියදී දැවී ගියා.

ඇලෙක්ස් කෙරී ලකුණු 20 ක් ද, කැමරන් ග්‍රීන් ලකුණු 16 ක් ද ලබා ගත් අතර, මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 23 ක් හා පැට් කමින්ස් නොදැවී එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 52 ක් ලබා දෙමින්. වෝනර්, මාෂ්, ග්‍රීන් හා කෙරී ඔහුගේ පන්දු හමුවේ දැවී ගියා.

ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 2 ක් ද, මාර්ක් වුඩ් හා මොයීන් අලී කඩුල්ල බැගින් ද දවා ගත්තා.