Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වෙයි – කොදෙව් සංචිත මෙන්න

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත නම් කර තිබෙනවා. මෙම තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

නිකලස් පූරාන්, අන්ඩ්‍රි රසල්, අකීල් හොසෙයින් හා ශිම්රන් හෙට්මයර් යන ක්‍රීඩකයින් පෞද්ගලික හේතු මත මෙම සංචාරයෙන් ඉවත් වීමටයි පියවර ගෙන ඇත්තේ.

රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුත් T20 සංචිතයේ උප නායකයා ලෙස රොස්ටන් චේස් කටයුතු කරනවා. 2022 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් වරට විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර ඇති එවින් ලුවිස් ද සංචිතයට ඇතුළත්.

ආබාධයකින් සුවය ලැබූ බ්‍රෙන්ඩන් කිංග් යළි විස්සයි 20 සංචිතයට කැදවා ඇති අතර, ටෙරන්ස් හයින්ඩ් හා ශමාර් ස්ප්‍රින්ගර් යන තුන් ඉරියව් ක්‍රීඩකයින් පළමු වරට ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

  • West Indies T20I Squad:

Rovman Powell (C), Roston Chase (VC), Fabian Allen, Alick Athanaze, Andre Fletcher, Terrance Hinds, Shai Hope, Alzarri Joseph, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Romario Shepherd, Shamar Springer

ෂේයි හෝප් මෙහෙයවන එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස අල්සාරි ජෝසප් කටයුතු කරනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති කඩුලු රකින පිතිකරුවෙකු වන 17 හැවිරිදි ජුවෙල් ඇන්ඩෘ සංචිතයට නම් කර ඇති අතර, එවින් ලුවිස්, බ්‍රෙන්ඩන් කිංග් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් යළි සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

  • West Indies ODI Squad:

Shai Hope (C), Alzarri Joseph (VC), Jewel Andrew, Alick Athanaze, Keacy Carty, Roston Chase, Matthew Forde, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Jayden Seales, Romario Shepherd, Hayden Walsh Jr.

විස්සයි 20 තරගාවලියේ සියලු තරග දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර, ඔක්තෝබර් 13, 15 හා 17 යන දිනවලදී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා. සියලු තරග ආරම්භ වන්නේ රාත්‍රී හතටයි.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. ඔක්තෝබර් 20, 23 හා 26 යන දිනවලදී එක්දින තරග පැවැත්වෙන අතර, සියලු තරග පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.