Ultimate magazine theme for WordPress.

නවකයින් තිදෙනෙකු සමග එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන බටහිර ඉන්දීය කොදවේ තරග සංචාරය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජාතික සංචිතය සදහා පළමු වරට පා දග පන්දු යවන ක්‍රීඩක Jafer Chohan නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සිටි නායක ජොස් බට්ලර් යළිත් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

22 හැවිරිදි Chohan එංගලන්තයේ පැවැත්වෙන T20 Blast තරගාවලියේ දී Yorkshire කණ්ඩායම නියෝජනය කරමින් තරග 23 කදී කඩුලු 22 ක් දවා ගෙන තිබෙනවා. 2024 තරගාවලියේ දී පමණක් ඔහු තරග 10 කදී දවා ගත් කඩුලු ගණන 17 ක්. 2021 වසරේ දී පිහිටු වූ දකුණු ආසියානු ක්‍රිකට් ඇකඩමියෙන් (SACA) එංගලන්ත ජාතික සංචිතයට තෝරා ගැණුනු පළමු ක්‍රීඩකයා වන්නේ Jafer Chohan.

ඔහුට අමතරව මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති John Turner හා Dan Mousley ද සංචිතයට නම් කර තිබෙනවා.

මෙම සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග තරග 5 ක් ඇතුළත් අතර, එක්දින තරගාවලිය ඔක්තෝබර් 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

England limited-overs squad:

Jos Buttler (c), Jofra Archer, Jacob Bethell, Jafer Chohan, Sam Curran, Will Jacks, Liam Livingstone, Saqib Mahmood, Dan Mousley, Jamie Overton, Adil Rashid , Phil Salt, Reece Topley, John Turner

Itinerary

  • 1st ODI: Antigua, October 31
  • 2nd ODI: Antigua, November 2
  • 3rd ODI: Barbados, November 6
  • 1st T20I: Barbados, November 9
  • 2nd T20I: Barbados, November 10
  • 3rd T20I: St Lucia, November 14
  • 4th T20I: St Lucia, November 16
  • 5th T20I: St Lucia, November 17