වරද පිළිගත් ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නාට අයි.සී.සීයෙන් දඩුවම් (දර්ශන සහිතයි)

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව නිල අනතුරු ඇගවීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට ද එක් දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට පියවර ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
හයිදරාබාද් හී දී නිමා වූ එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී වූ සිදු වීමක් හේතුවෙන් මෙම දඩුවම ඔහුට නියම කර ඇත්තේ බුම්රා විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් (Level 1 of the ICC Code of Conduct) සිදු කර ඇති බවට තීරණය කිරීම හේතුවෙන්.
එංගලන්ත දෙවැනි ඉනිමේ 81 වැනි පන්දුවාරයේ දී ඔලී පෝප් ලකුණක් කරා දිව යාමේ දී නුසුදුසු ශාරීරික ඝට්ඨනයකට මග පාදමින් ඔහුගේ ගමන් මාර්ගයට සිතාමතාම පිවිසීම බුම්රාට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
ඒ අනුව ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය (“inappropriate physical contact with a Player, Player Support Personnel, Umpire, Match Referee or any other person (including a spectator during an International Match.”) උල්ලංඝනය කර ඇති බවට තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් තීරණය කර තිබුණා.
සිය වරද හා ලබා දුන් දඩුවම් ජස්ප්‍රිට් බුම්රා විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
This is shameful. When you aren't able to get him out you will push him? Where is sportsman's spirit? Didn't expect such cheap tactics from a gentleman like Jasprit Bumrah.#INDvENGpic.twitter.com/vPkLQ3FjGb
— Mustafa Masood Qureshi (@mustafamasood23) January 29, 2024