හෙන්රි නිකල්ස්ට එල්ල වූ චෝදනා අසත්‍ය බව හෙළි වෙයි

පන්දුව පළුදු කළ බවට නවසීලන්ත පිතිකරු හෙන්රි නිකල්ස්ට එල්ල වූ චෝදනාවලින් ඔහු නිදොස් කර තිබෙනවා
දේශිය තරගාවලියක් වන Plunket Shield තරගාවලියේ දී Canterbury කණ්ඩායම නියෝජනය කරන ඔහු පසුගිය සතියේ දී Auckland කණ්ඩායම සමග පැවැති තරගයේ දී පන්දුව පළුදු කළ බවටයි චෝදනා එල්ල වුණේ.
හිස් ආවරණයක පන්දුව පිරිමදිමින් ඔහු පන්දුව පළුදු කිරීමට තැත් කරන බවට සැකයක් මතුව තිබුණේ වීඩියෝ දර්ශනවලින් එවැනි ක්‍රියාවක් දක්නට ලැබී තිබූ බැවින්. (දර්ශන පහතින්)
ඒ අනුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහයේ 3.1 නීතිය යටයේ, 1.15 වගන්තිය ඔස්සේ ඔහුට එරෙහිව චෝදනා ගොණු කෙරුණේ පන්දුව පළුදු කරමින් 41.3 ක්‍රිකට් නීතිය උල්ලංඝනය කළ බව පවසමිනුයි.
කෙසේ වෙතත්, විනය පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහු එවැනි කිසිදු නීති උල්ලංඝනය කිරීමක් සිදු කර නොමැති බවයි.
New Zealand batter Henry Nicholls caught ball tampering and has been reported by the match referee. He could be in some serious trouble once the investigation is complete 👀 #CWC23 #PlunketShield pic.twitter.com/YTaW5REz9W
— Farid Khan (@_FaridKhan) November 11, 2023