Ultimate magazine theme for WordPress.

‘Off-Season’ ප්‍රකාශය ගැන ඒ බී ඩිවිලියර්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම ‘Off-Season’ කාලයක් ලෙස සලකන බවට මීට වසර කිහිපයකට පෙර තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට දකුණු අප්‍රිකා හිටපු සුපිරි ක්‍රීඩක ඒ බී ඩිවිලියර්ස් අද(5) කටයුතු කළා.

සමාජ මාධ්‍ය වෙත ඔහු එක් කළ වීඩියෝවක ඔහු සදහන් කර සිටියේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා කණ්ඩායමට අගෞරවයක් සිදු කිරීමේ අරමුණින් කළ ප්‍රකාශයක් නොවන බවයි.

“මම කිව්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ‘Off-Season’ එකක් වගේ කියලා. මම මේක කිව්වේ මීට අවුරුදු පහකට හයකට කලින්. මාව සම්පූර්ණයෙන්ම වැරැදියට තේරුම් ගත්තේ. මෙයින් අදහස් කරන්නේ මම එහේ සංචාරය කිරීමට කැමතියි යන්නයි. මම කැමතියි රටට, මම කැමතියි ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට, මම කැමතියි මුහුදු වෙරළවල්වලට, මම කැමතියි කොළඹ Ministry of Crab එකට…”

“මම ගොඩක් ගරු කරනවා ක්‍රිකට් කණ්ඩායමට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමග ක්‍රීඩා කරන එක කවදාවත් ‘Off-Season’ එකක් නෙවෙයි. විශේෂයෙන්ම සංගක්කාර, ජයවර්ධන, මුරලි ක්‍රීඩා කළ කාලයේ… ගොඩක් අමාරුයි ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන එක”

මේ අතර, නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී ලැබූ ටෙස්ට් තරගාවලි ජයට සුබ පැතුම් එක් කිරීමට ද ඩිවිලියර්ස් අමතක කළේ නැහැ.