ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි එක්දින තරගයත් වර්ෂාවට බිලි වෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී අද(2) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.
වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.
දෙරට අතර පසුගිය 29 වැනිදා පැවැති පළමු එක්දින තරගය ද වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය එළඹෙන 4 වැනිදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.