Ultimate magazine theme for WordPress.

SL v IND : 4 දෙනෙකු ඉවතට ; 5 දෙනෙකු ශ්‍රී ලංකා T20 සංචිතයට කැදවයි

වෙනස්කම් කිහිපයක් සමග ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර ඇති බවට වාර්තා වන්නේ යැයි Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙවර LPL තරගවාලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරා යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නවක ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ ද 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ බැවින් ඔහු ද සංචිතය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මදුෂංක, ඇන්ජෙලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වාට සංචිතයේ ස්ථාන අහිමි වී ඇති බව සදහන්.

වනිදු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව නව නායකයා ලෙස චරිත් අසලංක නම් කරමිනුයි ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

Sri Lanka’s probable squad:

Charith Asalanka (C), Pathum Nissanka, Kusal Mends, Kusal Janith Perera, Kamindu Mendis, Dasun Shanaka, Dinesh Chandimal, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dushmantha Chameera, Avishka Fernando, Chamindu Wickremasinghe, Dunith Wellalage, Nuwan Thushara, Binura Fernando