Ultimate magazine theme for WordPress.

ලහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට – නම් කර ඇති එක්දින සංචිතය මෙන්න

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුව මෙලෙස සංචිතයට ආදේශ කර ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ලහිරු කුමාර අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි.

මේ අතර, ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමග මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට නම් නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින තරගාවලිය සදහා නම් කර ඇති බව සදහන්.

විස්සයි 20 සංචිතයට ඇතුළත් නොමැති, එක්දින තරගාවලියට නම් කර ඇති ක්‍රීඩකයින් හෙට(9) දිනයේ දී බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කර නැහැ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය එළඹෙන 13, 15 හා 18 යන දිනවලදී Chattogram හී දී පැවැත්වීමට නියමිතයි.

Sri Lanka probable ODI squad :

Pathum Nissanka
Avishka Fernando
Kusal Mendis (C)
Sadeera Samarawickrama
Charith Asalanka (VC)
Janith Liyanage
Wanindu Hasaranga
Dunith Wellalage
Pramod Madushan
Lahiru Kumara
Maheesh Theekshana
Dilshan Madushanka
Kamindu Mendis
Akila Dhananjaya
Sahan Arachchige
Chamika Karunaratne

බංග්ලාදේශ තරග සංචාරයේ සම්පූර්ණ තරග කාලසටහන –

  • 04 March 24 – 1st T20i (starts at 5.30pm SLST) – SICS, Sylhet
  • 06 March 24 – 2nd T20i (starts at 5.30pm) – SICS, Sylhet
  • 09 March 24 – 3rd T20i (starts at 5.30pm) – SICS, Sylhet
  • 13 March 24 – 1st ODI (starts at 2:00pm) – ZACS, Chattogram
  • 15 March 24 – 2nd ODI (starts at 2:00pm) – ZACS, Chattogram
  • 18 March 24 – 3rd ODI (starts at 9.30am) – ZACS, Chattogram
  • 22-26 March 24 – 1st Test (starts at 9.30 am) – SICS, Sylhet
  • 30 March – 03 April 24 – 2nd Test (starts at 9.30 am) – ZACS, Chattogram