බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව පසුගිය 4 වැනිදා පැවැති අතර, එහිදී තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු ඊයේ(5) දිනයේ දී නිල වශයෙන් නිවේදනය කෙරුණා.
ඒ සම්බන්ධයෙන් අප ඊයේ දිනයේ දී ඔබට තොරතුරු වාර්තා කළ අතර, මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තෝරා ගනු ලැබුවේ වනිදු හසරංග පමණයි.
Manchester Originals කණ්ඩායම විසින් පවුම් 100,000 ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමක්) ඔහුව මිලදී ගත්තේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ලියාපදිංචි වී තිබූ පසුබිමකයි.
කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ලියාපදිංචි වී සිටි ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර තරගාවලිය සදහා තෝරා නොගැනීම විශේෂත්වයක්.
ඒ අතරට, ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ආරෝන් ෆින්ච්, කොදෙව් දූපත්හි ක්‍රිස් ගේල්, පාකිස්තානයේ බබාර් අසාම්, මොහොමඩ් අමීර්, දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ද අයත්.
කෙසේ වෙතත්, ජූනි මාසයේ දී තවත් විදෙස් ක්‍රීඩකයෙකු තෝරා ගැනීම සදහා සියලු කණ්ඩායම් වෙත අවස්ථාව ලබා දීමට ද තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අගෝස්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසුව මේ වන විට සකස් වී ඇති සංචිත අනුව (රදවා ගත් ක්‍රීඩකයින් ද ඇතුළුව) ඒ ඒ කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින විදෙස් ක්‍රීඩකයින් වන්නේ, –
Birmingham Phoenix :
- Matthew Wade (£125,000)
- Adam Milne (£75,000)
- Kane Richardson (£60,000)
Southern Brave :
- Quinton de Kock (£125,000)
- Marcus Stoinis ( £125,000)
- Tim David (£50,000)
Oval Invincibles :
- Sunil Narine (£125,000)
- Rilee Rossouw (£60,000)
- Hilton Cartwright (£50,000)
Trent Rockets :
- Rashid Khan (£125,000)
- Colin Munro (£75,000)
- Marchant de Lange (£60,000)
Manchester Originals :
- Andre Russell (£125,000)
- Wanindu Hasaranga (£100,000)
- Sean Abbott (£60,000)
Northern Superchargers :
- Dwayne Bravo (£125,000)
- Faf du Plessis (£100,000)
- Wahab Riaz (£75,000)
Welsh Fire :
- Adam Zampa (£100,000)
- David Miller (£75,000)
- Naseem Shah (£60,000)
London Spirit :
- Kieron Pollard (£125,000)
- Glenn Maxwell (£100,000)
- Riley Meredith (£75,000)