LPL තරග පාවා දෙන්න හැදූ ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට වසර පහක ක්‍රිකට් තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් වසර පහක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ, ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්, එමිරේට්ස් ක්‍රිකට් හා කැරිබියන් ප්‍රිමියර් ලීග් දූෂන විරෝධී සංග්‍රහයන්හි වනන්ති 7 ක් උල්ලංඝනය කළ බවට පිළිගැනීමත් සමගයි.

ලංකා ප්‍රිමියර් ලීග්, අබුඩාබි T10 හා කැරිබියන් ප්‍රිමියර් ලීග් යන තරගාවලියන්ට අදාළව එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.

තෝමස්ට එරෙහිව එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ දී තරග පාවාදීමට උත්සාහ කළ බවට වන චෝදනාවයි. එම තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කළේ එක් තරගයක් පමණයි.

34 හැවිරිදි තෝමස් 2009 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ඔහු මේ දක්වා එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 21 ක් හා විස්සයි 20 තරග 12 ක් කොදෙව්වන් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ අගෝස්තු මාසයේ දී යි.

ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවුණු 2023 වසරේ මැයි 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම වසර පහක තහනම පනවා තිබෙනවා. කෙසේ වෙතත්, එම තහනමට අදාළ අවසන් මාස 18 අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

එල්ල වූ චෝදනා –

  • Article 2.1.1 of the SLC Code – contriving or being party to an agreement to fix or attempt to fix, contrive or influence improperly the result, progress, conduct or other aspects of matches in the Lanka Premier League 2021.
  • Article 2.4.4 of the SLC Code – failing to disclose to the Designated Anti-Corruption Official, without unnecessary delay, full details of an approach or invitations received to engage in Corrupt Conduct in the Lanka Premier League 2021.
  • Article 2.4.6 of the SLC Code – failing or refusing, without compelling justification, to cooperate with the Designated Anti-Corruption Official’s investigation by failing to provide accurately and completely any information and/or documentation requested by the Designated Anti-Corruption Official.
  • Article 2.4.7 of the SLC Code – obstructing or delaying the Designated Anti-Corruption Official’s investigation into Corrupt Conduct, including (without limitation) concealing, tampering with or destroying any documentation or other information that may be relevant to that investigation and/or that may be evidence of or may lead to the discovery of evidence of Corrupt Conduct.
  • Article 2.4.4 of the ECB Code – failing to disclose to the Designated Anti-Corruption Official, without unnecessary delay, full details of an approach or invitations received to engage in Corrupt Conduct at the Abu Dhabi T10 2021.
  • Article 2.4.4 of the CPL Code – failing to disclose to the Designated Anti-Corruption Official, without unnecessary delay, full details of an approach or invitations received to engage in Corrupt Conduct in relation to the CPL 2021.
  • Article 2.4.2 of the CPL Code – failing to disclose to the Designated Anti-Corruption Official (without unnecessary delay) the receipt of any gift, payment, hospitality or benefit (a) that he knew or should have known was made in order to procure a breach of the CPL Code, or (b) could have brought the player or the game of cricket into disrepute.
Comments (0)
Add Comment